• HOME
  • ABOUT
  • CONTACTS

JClicks Diaries

youtube facebook instagram

යාල ජාතික වනෝද්‍යානය..  



යාල ජාතික වනෝද්‍යානය   ශ්‍රී   ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය  යි. එය රටේ  ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. වනෝද්‍යානය   කොළඹ සිට  කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල  ශ්‍රී  ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. වනෝද්‍යානය  කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.
යාල ජාතික වනෝද්‍යානය   ශ්‍රී  ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප්‍රමාණයක  පැතිර ඇති ප්‍රධානම  ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.
රක්‍ෂිතයෙන් වැඩි ප්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරළාක්ෂිත  ප්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප්‍රමාණයකට වාස භූමිය සපයයි.


යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාත්‍රියේ   හැසිරෙන විශාල  ප්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල  ප්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම  වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.


2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්‍ෂණ මධ්‍යාස්ථානය   සහ සංචාරක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංචාරක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ග්‍රහණය  කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යානය නැවත විවෘත කරනු ලැබීය.

ශ්‍රී  ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකකි. යාල වනෝද්‍යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම  වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා  ශ්‍රී ලංකාවෙ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍යය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට   පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වනෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.



පිහිටීම
වනෝද්‍යානයේ උතුරු, වයඹ, බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ  ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්ක  යට අයත් වේ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ  ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.



පිවිසීම
කොළඹ සිට හම්බන්තොට 
තිස්සමහාරාමය කිරින්ද පාරේ 
පැමිණයාල හන්දියෙන් හැරි 
පළටුපාන උද්‍යාන මුලස්ථානය එක් 
ප්‍රවේශ   මාර්ගයකි.
කොළඹ රත්නපුර ඇඹිලිපිටිය
සුරියවැව මිරිජ්ජවිල හම්බන්තොට
හරහා හෝකොළඹ රත්නපුර
උඩවලව තණමල්විල තිස්සමහාරාමය
යාල හන්දියට පැමිණ ද තණමල්විල
ලුණුගම්වෙහෙර හන්දියෙන් එම
ජලාශ වේල්ල මතින් කතරගමට
පැමිණ ද උද්‍යානයට ළඟා විය
හැකිය.

මහියංගන බිබිල බුත්තල
සෙල්ලකතරගම කටගමුව ද එක්
පිවිසුම් මාර්ගයකි.



උද්‍යානයේ භෞතික ලක්ෂණ 

කලාප අංක එක තුළ බුතව, හින්වැව, ගෝනගල, කොමාවැව, පටනංගල වැව, පළටුපාන, බන්දු වැව, දර්ශන වැව, වශයෙන් ප්‍රධාන වැව් රැසකි. තව ද විලපලා වැව හා මෙනටි වැව ලෙස කුඩා වැව් දෙකක් ද රුක්විල, පටිටියවිල, දෙබරගස්වල, ඛරවිගස්වල, රනිවල වශයෙන් දියවළවල් ද රැසකි. බුතවල, ගෝන ලැහැබ හා කුඩා සිලව ලෙස කලපු තුනක් ද මෙහි වේ. කලාප අංක දෙක තුළ අතුරු මිතුරු වැව හා මහවැව ප්‍රචලිතය. වළස්කෙම ලෙස ප්‍රකට දිය වළකි. කලපු ලෙස පිළිනන්නාව, ඉහළ පොත්තන, පහළ පොත්තන, මහිරාව, ගජබාව ප්‍රකට ය. මැණික් ගඟ මෝය, කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති මෙහි වැදගත් ස්ථාන ය. මැණික් ගඟ හා කුඹුක්කන් ඔය උද්‍යානය තුළින් ගලා යන ප්‍රධාන ජලාධාර දෙකකි .කලාප අංක පහ තුළ හෙක්ටයාර් 1500 කින් සමන්විත වෙහෙරගල ජලාශය ඉදිවෙයි. සමස්තයක් ලෙස ගත් කල යාල යනු තැනිතලා වනබද උද්‍යානයකි.




ජෛව විවිධත්වය හා වන සතුන්

යාල වනෝද්‍යානය සියවස් ගණනාවක සිටම වන සතුන් සඳහා ප්‍රචලිත තැනකි. ගමෙහි ලොකු කුඩා සෑම ක්ෂීරපායි සතකුම පාහේ විශේෂ 40 දිවි ගෙවයි. අලි-ඇතුන් සඳහා මෙන්ම කොටි වළසුන් සඳහා ද මෙතරම් ප්‍රචලිත වවනෝද්‍යානයක් සිරිලක නැති තරම් ය. කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි-ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකිය. මූවා, ගෝනා, ඌරා, නරියා, වල්හාවා, හෝතඹුවා වැනි සතුන්ගෙන් යාලට අඩුවක් නැත. කුරුල්ලන් අතරින් නේවාසිකයන් 130 ක් පමණ ද සංක්‍රමණිකයන් 30 ක් පමණ ද දැකගත හැකිය.ජලාශ්‍රිත මෙන්ම වනබද කුරුල්ලන් රැසකට යාල හොඳ නවාතැනකි. ජලාශ්‍රිත කුරුල්ලන් පළටුපාන වැව, හීන් වැව ආශ්‍රිතව   ප්‍රධාන  ලෙසම කැදලි තනයි. ඇඔල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන්, සුදු කොකුන්, අඑ කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශවල බහුල ය. වළිකුකුළා, මොණරා බහුල වනබද බිමි සැරයෝ වෙති. කිඹුලන්, පිඹුරන්, නයින්, පොළඟුන් ඇතුඑ උරගුන් රැසකගේ වාසස්ථානයකි.
ඉබ්බන් විශේෂ පමණක් නොව කැස්බෑවන් ද, වැලි පොළඟා, වැලි පිඹුරාද යාලෙන් වාර්තා වී ඇත. කිඹුලන් 1000 ක් පමණ මෙහි වෙසෙති. මත්ස්‍යයන්  , උභයජිවින්, කෘමීන්, මොලස්කාවුන් වැනි සංවේදී සතුන් අතින් ද යාල පොහොසත් ය. ගමේ හැරෙන්නට යාල ජාතික වනෝද්‍යානය මුහුදු රාජලියා, වැව් රාජලියා, සර්ප රාජාලියා, බමුණු පියා උකුස්සා, ලකලු උකුස්සා, කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද නිවහනක් වෙයි.
Share
Tweet
Pin
Share
2 comments

ඉදල්ගස්හින්න සංචාරය...  



                                     ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය....දන්නවද කොහෙද කියලා...ඔව් ඒ ඉදල්ගස්හින්න තමයි. කොළඹ කොටුවෙන් බදුල්ල බලා යන නයිට් මේල් ටේ‍්‍රන් එකේ ඉදල්ගස්හින්න  බලා ගමන ආරම්භ කරපු අපිට උදේ 5.30 විතර වෙනකොට ඉදල්ගස් හින්න දුම්රිය ස්ථානයට එන්න හැකි වුණා.හැබැයි අපේ කට්ටියගේ පරක්කුවත් එක්ක උදෑසන හිරු උදාව කදුමුදුනක සිට දැකබලා ගැනීමේ හැකියාව අතපසු වීම කනගාටුදායක කරුනක්. අපි මේ යන්නේ ඉදල්ගස්හින්න කන්ද තරණය කරන්න .ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් බැහැලා  පැයකට නොඅඩු කාලයකින් ඉදල්ගස්හින්න කන්ද තරනය කරන්න පුලුවන්. 



දුම්රිය ස්ථානයද දැඩි සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් .මුහුදු මට්ටමේ සිට ඉතා ඉහල උන්නතාංශයක මෙම දුම්රිය ස්ථානය පිහිටා තිබේ.ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නමුනුකුල කදුපන්තීන්‍ට අතරමැදිව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය පවතී.ඒ මුහුදු මට්ටමේ සිට මීටර 1615ක උන්නතාංශයකින් .සිංහල දමිල මිශ්‍ර ජනතාවක් ඉදල්ගස්හින්නේ වාසය කරයි.

නිතරම මීදුමෙන් වැසීගත් පරිසරයේ ඇස ගැටෙන හැම මානයකම තේ වතු නැත්නම් පයිනස් යායන්‍ ය.දුම්රිය ස්ථානයෙන් බැස උප තැපැල් කාර්‍යාලය අසලින් දිවෙන කොන්ක්‍රීට් මාර්ගයේ කුඩා දුරක් ගියවිට වම්පසින් තේ වතු අතරින් කන්ද වෙත දිවෙන අඩිපාර වේ.මීදුම අතරින් කිටිකිටියේ වෙවුලමින් කදු මුදුනට ලංවීම කිසිසේත්ම වෙහෙසකර නම් වෙන්නේ නෑ .බොහෝ විට කාන්තා පිරිමි භේදයකින් තොරව කදුමුදුන රාත්‍රි කදවුරු බැදීම සදහාද යොදා ගන්නේ අපහසුවකින් තොරව ලගාවිය හැකි බැවිනි.ඉතා කුඩා කාලයකින් ලගා වී මනා දර්ශන පථයක් දැකගත හැකිවීම ඉදල්ගස්හින්න කන්දේ සුවිශේෂීත්වයයි.බොහෝමයක් දේශීය සංචාරකයන් රේල් හයිකින් සදහා ඉදල්ගස්හින්න ගමනාන්තය හෝ ගමනාරම්භය ලෙස යොදාගන්නේද ඉදල්ගස්හින්න කදුමුදුනේ කදවුරු ලෑමේ බලාපොරොත්තුවෙනි.දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය මත රේල් හයිකින් සිදුකල යුතුවේ.ඉදල්ගස්හින්නේ තේ වගාව 1984 සිට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන්නකි.


උදෑසන 8 පසුවීමත් සමග අසල කඩයකින් සරල උදෑසන ආහාරයක් ගත් අපි, තේ වතු අතරින් ගමන ආරම්භ කලෙමු.පැය කාලක් පමන පහසු ගමනකින් අනතුරුව පයිනස් යායට පිවිසීමට අපට හැකිවිනි.හෝර්ටන් තැන්න ආශ්‍රිතව දැකිය හැකි මහරත්මල් ශාක,නෙලූ ශාක ගමන් මග අතරින් පතර දැකගත හැකිවිය.පයිනස් යායන් අතර ගමන් කිරීම නම් සීරුවට කල යුත්තකි.වේලුනු පත්‍ර බිමට වැටීම නිසා ආනතිය අධික මාර්ගය ලිස්සන සුලු වීම ඊට හේතුවයි.නිතර නිතර මිනිස් පහස ලැබීම හේතුවෙන් විවිධ අතට කුඩා කුඩා අඩිපාරවල් නිර්මාණය වී තිබුනද මුදුන ඉලක්ක කරගෙන යාම මග නොවැරදීමට හේතු වේ.



විනාඩි 45 ක පමන ගමනකින් අනතුරුව මීදුමෙන් වැසුනු මුදුනට ලගාවීමට අප සමත්වීමු.සුලග සැර වීම නිසා ඉතා ඉක්මනින්ම දර්ශන පථය පැහැදිලි වන්නට විය.
තෙරක් නොපෙනෙන අනන්තයක තනිවීමට නම් අනිවාර්යයෙන් පැමිනිය යුතු ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න හැදින්විය හැක.වලාවන් යට සැගවුනු ලෝකයක විචිත්‍රවත් සිතුවමක් ගුවනේ සිට නැරඹීමට අප වාසනාවන්ත වූයෙමු.වලාකුළු හා මීදුම වෙන්කර ගත නොහැකි තරම් විටින් විට මීදුමෙන් පරිසරය වෙලා ගනී.



කදුමුදුනේ හිරු උදාව නම් වඩා විචිත්‍රවත් වනවා නොඅනුමානය.එය ඡායාරූපගත කරගන්නට අපට නොහැකි විය. රාත්‍රි කදවුරු බැදීමකට නැවත දිනයක පැමිනෙන බලාපොරොත්තුවෙන් හෝරා කිහිපයේ මතක ජායාරූප වලට ඉතිරි කර අපි නැවත ගමන් ආරම්භ කලේ නුවර සිට බදුල්ල බලා යන මීලග දුම්රියේ නැවතත් අපට යෑමට නියමිත වූ නිසාවෙනි. 

ඉතිං ඒ මතකයන් වලින් මගේ කැමරා කාචයේ සදහන් වුන ඉදල්ගස්හින්න සුන්දර ඡායාරූප  එකතුව මේ  Link එකෙන් බලන්න පුලුවන්.



JClicks Travel Diaries 2019- Idalgashinna Photo album
ඉදල්ගස්හින්න - Idalgashinna JClicks Travel Diaries 2019


ඒ වගේම ඉදල්ගස්හින්න Travel Vlog එක මේ ලින්ක් එකෙන් 

JClicks Travel Diaries 02 | Idalgashinna | ඉදල්ගස්හින්න


  (JClicks Travel Diaries)
Share
Tweet
Pin
Share
No comments


Travel කරන්න කලින්  Backpack එක Ready කරගමු ...


Trip එකක් එහෙම නැත්තම් Travel  කරන්න යන්න කලින්  අරන් යන්නේ මොනාද කියල තෝරගන්න එක හැමෝටම වගේ තියන ප්‍රශ්නයක්.ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන. Backpack එක ලෑස්ති කරන්න කලින්  Travel  කරන දින ගාන සහ Travel කරන ප්‍රදේශය තීරණය කරගෙන ඉන්න ඕනේ. මොකද ඒක අනුව Backpack එකේ අරන් යන දේවල් වෙනස් වෙන හින්දා....
Backpack එක පැක් කරද්දී මතක තියාගන්න ඕනේ ප්‍රධාන  කරුණු කිහිපයක් තියෙනවා.

Pack light අඩු බරක් පැක් කරගන්න

ඒ  කියන්නේ, ඔයා ගෙනියන දේවල් තෝරගන්නකොට බරින් අඩු දේවල් තෝරාගන්න කියන එක.උයන පිහින බඩු වගේම ඇඳුම් පැළඳුම් තෝරගන්නකොට light weight ඒවා තෝරාගන්න සැලකිලිමත් වෙන්න.

වියළි බව ගැන සැළකිලිමත් වෙන්න

පුලුවන්නම් හැම වර්ගයක්ම වෙන වෙනම වතුර නොයන බෑග් වල දාගන්න. හදිස්සියකදී වගේම බෑග් එකේ බඩු එලියට ගන්නකොට, pack කරනකොට ලේසි වෙයි. හිතන්නකෝ, හදිස්සියකට backpack එකේ යටින්ම තියෙන එකක් ගන්න ඕනේ උනා කියලා.ඔයා උඩින්ම තියෙන ඇඳුම් ටික පරිස්සමට එලියට ගන්න ඕනේ. නවලා තියෙන ඒවා දිගඇරෙන්න පුළුවන්. වැටෙන්න පුළුවන්. ආයේම දාන්න කරදරයි. ඒ කරදර වලට විසඳුමක් විදියට මේවා වෙන වෙනම බෑග් වල දාගෙන යන්න. බෑග් එක පිටින් එළියෙන් තිබ්බා. බෑග් එක පිටින් ඇතුලට දැම්මා. ලේසියි.සරලයි. 

දැන් බලමු මොනවද අපි backpack එකට දාගන්නේ කියලා. 

01. සපත්තු/බූට්ස්
මේවා කවුද  backpack එකට දාගන්නේ නේද? හයික් එකට කලින් දවසේ backpack එක ලෑස්ති කරනගමන් මේවත් ලෑස්ති කරගන්න ඕනේ. සපත්තු දෙක හොඳට බලන්න. පොඩ්ඩක්වත් කැඩිලා, ගැලවිලා තියෙනවනම් බලලා හදාගන්න. මොකද මගදී අලවපු තැනකින් ගැලවුනොත්, කැඩුනොත් ඔයාට එපා වෙයි හයික් එකත් එක්කම. තව දෙයක් හොඳට මතක තියාගන්න. බැරි වෙලාවත් සපත්තු හරි සෙරෙප්පු හරි කැඩුනොත්  ඒවා ආපහු අරන් එන්න කැලේ ඇතුලේ දාන්නේ නැතිව. තව කෙනෙකුට විඳින්න පරිසරය ආරක්ෂා කරන්න.

02. ගමන් විස්තරය, සිතියම.
මේ කියන්නේ, ඔයා යන්නේ අලුත්ම ප්‍රදේශයකට   නම්, හොඳට හොයලා බලලා දැනගන්න. පාරවල් කීයක් තියෙනවද, යන්න ඕනේ මොන පාරේද, ලේසි පාර කෝකද, බස් තියෙන්නේ කීයටද, එන්න බස් තියෙනවද, වගේ දේවල්. දැන් ගොඩක් අය google maps පාවිච්චි කරනවනේ. ඉතින් යන්න කලින් පෙර සූදානම කොයිකටත් හොඳයි නිසා, යන්න හදන ප්‍රදේශයේ  offline map එකත් download කරලා තියාගන්න. 

03. ආහාර
ඔයා යන්නේ මොන විදියේ ගමනක් උනත් වැදගත්ම දේ තමයි ආහාර. ඔයා හිතනවට වඩා කැලරි ප්‍රමාණයක්   හයිකින් කරනකොට වැයවෙනවා. ඔයා බර අඩුම daypack එකක් අරගෙන ගියත් සාමාන්‍යයෙන්   පැයකට කැලරි 500ක් විතර දහනය වෙනවා කියල තමයි සඳහන් වෙන්නේ. ඉතිං ඒ ශක්තිය නැවත ලබාගන්න ආහාර ඕනෙමයි.
ඔයාට දාඩිය දානකොට ඔයාගේ ඇඟේ තියෙන සෝඩියම් දාඩියත් එක්ක පිටවෙනවා. සෝඩියම් හිඟ උනාම කෙණ්ඩා පෙරලීම් වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඉතිං ඔයා සෝඩියම් ටිකක් වැඩිපුර තියෙන, ඉහල කැලරි ප්‍රමාණයක්  තියෙන ස්නැක්ස් ටිකකුත් මේ ආහාර වලට එකතුකරගන්න අමතක කරන්න එපා. 
කෑම විදියට ගෙනියන්න මොනවද හොඳ? ඒක ඔයාගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. ඔයා night camping යනවනම් අරන් යන්න noodles packet ටිකක්, පෙති පාන්, pre cooked මීට්බෝල්ස් හෝ සොසේජ් වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් දේවල්. චීස් ටිකක් වගේ ගෙනියන්නත් පුළුවන්. creamcracker එක්ක කන්න.
රටඉඳි ටිකක්, වියලි මිදී ටිකක්, වියලි පළතුරු, ඇට වර්ග, හොඳ චොකලට් බාර් දෙක තුනක් සහ මේදය හෝ තෙල් සහිත ආහාර ටිකක් අරන් යන්නකෝ. ගොඩක් වටී.

04. වතුර
වතුර කියන එක හයික් එකකදී අනිවාර්යය  සාධකයක්. ඔයාගේ ඇඟේ වතුර වේගයෙන් අඩුවෙන නිසා ඒක නැවත පුරවාගැනීම කරන්නම ඕනේ. නැති උනොත් විජලනය වගේම සිහිනැතිවීමක් දක්වා දුර යන්නත් පුළුවන්. ඒ නිසා තමන්ට ඇති පමණට වතුර අරන් යන්න වග බලාගන්න. සාමාන්‍යයෙන්  කියන්නේ හයික් කරන පැය දෙකකට වතුර ලීටරයක් බොන්න කියලයි. 
වතුර සම්බන්ධ වැදගත්ම කරුණු කිහිපයක් තියෙනවා. ඔයා බොන වතුර ටික සෑම විටම සමාන විවේකයන් අතර බොන්න. ඒ කියන්නේ, උදාහරණයක් විදියට, හැම විනාඩි 20කට සැරයක් වතුර ටිකක් වගේ. අනිත් කාරණාව තමයි ඔයාට තිබහක් දැනුනේ නැතත් වතුර බොන එක. ඔයා සීතල ප්‍රදේශයක  හයික් එකක් යනවා කියල හිතන්න. ඔයාට වතුර තිබහක් නැති වෙන්න පුලුවන්. ඒත් මතක ඇතිව සාමාන්‍යය   විදියටම එක වගේ වෙලාවකට සැරයක් වතුර බොන්න. මොකද ඔයාට නොදැනුවත්වම වතුර ඔයාගේ ඇඟෙන් ඉවත් වෙනවා. දහඩියත් එක්ක ඇඟේ තියෙන සෝඩියම් ඉවත් වෙන නිසා, ලුණු කැට කිහිපයක් වතුර සමඟ මිශ්‍ර කරන එකත් හුඟක් හොඳයි.

05. වැහි ආවරණ
ඔයා හයික් කරන පැත්තේ කාලගුණය වැහි කාලගුනයක්නම් අනිවාර්යෙන් වැහි කබායක් අරන් යන්න. වැහි කබායක් ගන්නකොට සළකලා බලන්න කබායේ උස, මහලා තියෙන රෙදි වර්ගය, හිස් වැස්මක් තියෙනවද වගේ කරුණු. ඒ වගේම බරින් අඩු එකක් තෝරගන්න. පොකට්ස් තියෙන, අත් වල දිග වෙනස් කළහැකිබව වගේ පහසුකම් දැන් වැහිකබා වල පවතිනවා.

06. ප්‍රථමාධාර  
පොඩි ප්‍රථමාධාර   පෙට්ටියක් හදාගන්න. ප්ලාස්ටර්, ගෝස්, බැන්ඩේජ්, පුළුන් ටිකක්, පුලුවන්නම් චුටි සේලයින් බෝතලයක්, වේදනා නාශක බෙහෙත් (ඇස්ප්‍රින් හෝ පැරසිටමෝල් වර්ගයක්) තුවාලයකට දාන බෙටඩින් ටිකක් දාලා තියාගන්න. ඒ වගේම ඔයා ගෑනු ළමයෙක්නම් හදිස්සියකදී අවශ්‍යය   සනීපාරක්ෂක දේවල්   මේකට එකතු කරගන්න.

07. පිහියක් / බහුකාර්ය උපකරණයක්
කෑම ටික සුද්ද කරගන්න, පොඩි කෝටු ටිකක් කපාගන්න, මේ වගේ හදිස්සි වැඩකට ඔයා ළඟ පිහියක් හරි, swiss army knife වගේ බහුකාර්ය උපකරණයක් අනිවාර්යයෙන් ළඟ තියෙන්න ඕනේ.

08. ගින්දර
ගිනි පෙට්ටියක් හරි ලයිටර් එකක් හරි ගින්දර දල්වගන්න උපකරණයක් අරන් යන්න. මහන්සි වෙලා දර හොයනවා වෙනුවට fuel tablet පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඔයා කොහොම ගින්දර පාවිච්චි කලත් සිහි තබා ගන්න, පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. සමහරවිට විසිවෙන චූටි ගිනි පුපුරකින් විශාල විනාශයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අවදානයෙන් ඉන්න. ගින්න ඇවිලීමෙන් පස්සේ අඩුම තරමේ එක්කෙනෙක්වත් ගිනිගොඩ ළඟ ඉන්න. ඒ වගේම ගිනිගොඩ දැල්වී අවසන් උනාම අඟුරු සියල්ලම නිවා දමන්න.
09. ටෝච් /හෙඩ් ලෑම්ප්
මේක ඕනේ වෙන්නේ කෑම්පින් කරන අයට සහ ගුහා නැරඹීමට යන අයට.. ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක පත්තු කරන්න බලාගෙන යන්න එපා. මොකද ෆෝන් එකෙන් කරගන්න ෆ්ලෑෂ් ලයිට් එකකට වඩා වටිනා වැඩ තියෙනවා.

10. අමතර බැටරි
ටෝච් එකට/ හෙද ලෑම්ප් එකට වගේම විශේෂයෙන් කැමරාවට සහ ෆෝන් එකට අමතර බැටරි සහ power bank එකක් අරන් යන්න.

11. කුණු බෑග් එකක්.
මේක තමයි වැදගත්ම දේ. කරුණාකර හයික් එකක් වේවා camping වේවා, trash bag එකක් අරන් යන්න. ඔයා අහක දාන දිරන්නේ නැති ටොපි කොලේ පවා මේකේ දාගෙන අරන් එන්න. කෑම පැකට්, කෑම වල හිස් ටින්, හිස් වතුර බෝතල්, අනිවාර්යයෙන් අරන් එන්න. ගෙනියන දේවල් වලට වඩා අඩුවෙන් දේවල් තියෙන නිසා බරක් කියල සලකන්න එපා. කලින් ගියපු මෝඩයෝ කුණු දාලා තිබුනොත් ඒවත් අරන් එන්න!
හරි. දැන් ඔක්කොම ලෑස්තියි නේ. දැන් බලමු මේවා අහුරගන්නේ කොහොමද කියලා.

Stacking Order අහුරන පිළිවෙළ

Backback එකේ බඩු අහුරනකොට, පිටිපස්සට, ඒ කියන්නේ ඔයාගේ කොන්ද ආසන්නයට, backpack එකේ ඇතුලට දාන්න ඕනේ බරින් වැඩිම දේවල්. එතකොට බර අඩුම දේවල් දාන්න ඕනේ backpack එකේ එලිය පැත්තට වෙන්න. බර වැඩි එකේ ඉඳන් අඩු එකට, backpack එකේ ඇතුලේ ඉඳන් එලියට. පැහැදිලියි නේද?

A> Pack එකට ඉස්සෙල්ලම දාගන්න ඔයාගේ ටෙන්ට් එක. ඔයා ගෙනියන දේවල් වලින් බර වැඩිම දේ මේ ටෙන්ට් එක වෙන්න පුළුවන්. ඒ නිසා ඒක දාගන්න ඕනේ backpack එකේ පිටිපස්සෙන්. ඒ කියන්නේ, ඔයාගේ පිටට ආසන්නව තිරස් අතට. මෙහෙම දාගන්න එකෙන් ටෙන්ට් එකේ බර සමානව බෙදිලා යනවා. 

B> ඊළඟට ඔයාගේ Sleeping Bag එක දාගන්න අඩියටම. මේකෙන් ටෙන්ට් එකේ බර බැලන්ස් වෙනවා. සමහර backpack වල නම් වෙනම compartment එකක් තියෙනවා මේකට. ඔයාගේ backpack එකේ sleeping bag එකට වෙනම compartment එකක් නැත්නම් මේ විදියට pack කරගන්න.

C> උයන පිහින බඩු. මේවා ටිකක් බරින් වැඩි නිසා වගේම, ඕනේ වෙන්නේ හවස් වෙලා ඔයා camp කරන තැනදී නිසා මේවාත් යට කොටසේ තියෙන එක හොඳයි.

D> ආහාර දාගන්න ඊළඟට. විශේෂයෙන්ම ඔයාගේ දවල් කෑම එක. පහසුවෙන් ගන්න පුළුවන් විදියකට. Snacks ටික උඩටත් පිසීමට අවශ්‍ය දේවල් යටටත් වෙන විදියට.

E> ඊළගට දාගන්න ඇඳුම් ටික. ඔයා Waterproof ඇඳුම් අරන් යන්න මතක තියාගන්න. මේවා බරින් අඩු නිසා උඩින්ම තියෙන එක පහසුයි. 

F> Pack එකේ ලීඩ් (lid) එකට (උඩම කොටසට) දාගන්න ඕනේ ඔයාට අත්‍යාවශ්‍යම දේවල්. හදිස්සියකදී ඕනේ වෙන දේවල්. ඔයාගේ ප්‍රථමාධාර   පෙට්ටිය, කැමරාව, කැමරා බෑග් එක වගේ දේවල්.

G> ඔයා camp කරන්න යනවනම් ඉන්ධන මොනවහරි අරන් යනවා ඇතිනේ. අන්න ඒ liquid fuel හරි fire tablets ටික හරි




එළියේ pocket එකකට දාගන්න.

H> වතුර බෝතලේ දාගන්න අනිත් පැත්තේ pocket එකට. එතකොට ඉන්ධන වල බරයි, වතුර බෝතලේ බරයි දෙපැත්තට වැටෙන නිසා backpack එකේ බර බැලන්ස් වෙනවා. ඔයාගේ backpack එකේ Hydration Compatible නම් ඒ කියන්නේ වතුර බෝතලේ දාගන්න වෙනම කොටසක් තියෙනවම් ඒ කොටස පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම.

I> හුඟක් backpack වල පහසුකම් දීල තියෙනවා එළියෙන් අමතර දේවල් රඳවාගැනීමට. ඒ කියන්නේ, ඔයාගේ පිහිය, කඹය වගේ දේවල්. හැබැයි පරිස්සමින්. මේවා ගස්වල, අතුවල පැටලෙන්න පුළුවන්.






එහෙනම් දැන් ඔක්කොම හරිනේ. පරිස්සමින් ගිහින් එන්න. කුණු ටිකත් අරන් එන්න අමතක නොකර. පියසටහන් විතරක් එහෙ තියලා ආවම ඇති! සුභ ගමන්!



 (JClicks Travel Diaries)







Share
Tweet
Pin
Share
5 comments

       මොරගහකන්ද...



ශ්‍රී ලංකාවේ  මධ්‍යම පළාතට අයත් වන මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මෑත කාලයේ අප විසින් දැක ගැනීමට හැකි වූ  විශාලතම ජල ව්‍යාපෘතිය වේ. මෙය 1976 ජනවාරි 8 වන දින ආරම්භ කරන ලද මහවැලි  සංවර්ධන වැඩසටහනේ අවසාන අදියර වේ.



මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 132 ක් උසිනි. ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා වැඩි කළ විට බලාගාරය ක්‍රියාත්මක වේ. එය මීටර් 185 ක ඉහළම මට්ටමට ළඟා වූ විට විදුලිය ජනනය වන අතර  මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ධාරිතාව ඝන ලීටර් මිලියන 570 කි.

නව කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් ලෙස හෙක්ටයාර් 12,000 ක් පමණ කළුගඟ පහළ නිම්න ප්‍රදේශය හා මැදිරිගිරිය බිසෝපුර ප්‍රදේශය සංවර්ධනය කෙරෙමින් පවතින අතර වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර් 12,500 කට පමණ දියවර සැපයේ එමෙන්ම ව්‍යාපෘතිය හරහා මෙම ප්‍රදේශයන්හි පවතින ලොකු කුඩා වැව් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් පෝෂණය වේ.




                                                                                                ජනිත් පීරිිස්
                                                                                                                (JClicks Travel Diaries)
Share
Tweet
Pin
Share
No comments


යකාගේ පඩිපෙළ  දිගේ පාරාදීසයට....




කදු තරණය වගේම පා තරණය ලොව වටා සංචාරකයින්ගේ ප‍්‍රියතම සංචාරක විනෝද කටයුත්තක් .මේක තාරුණ්‍යයේම කොටසක් වගේ.පරිසරයේ සුන්දරත්වය විඳිමින් යාළුවොත් එක්ක සතුට, කෙළිකවටකම් විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්න පුළුවන් ත‍්‍රාසජනක අත්දැකීමක්.මේ කියන්න යන්නෙත් සුන්දර වූ සංචාරයක් ගැනයි.ඒ යකාගේ පඩිපෙළ තරණයයි.එහෙමත් නැත්නම් Devil`s Staircase ගැනයි.

 ත‍්‍රාසය,කුතුහලය,සුන්දරත්වය විඳගැනීමේ අදහසින් කැලණි කැම්පස් එකේ පරිසරයට ආදරය කරන යාළුවෝ කට්ටියත් එක්ක කොළඹ කොටුවෙන් බදුල්ල බලා යන නයිට් මේල් ටේ‍්‍රන් එකේ ඔහිය බලා ගමන ආරම්භ කරපු අපිට උදේ 5 . 30 විතර වෙනකොට ඔහිය දුම්රිය ස්ථානයට එන්න හැකි වුණා.යකාගේ පඩිපෙළ ඔහිය සිට උඩවේරිය තේ වත්ත හරහා කළුපහන නගරය වෙත ගමන් කළ හැකි කිලෝ මීටර් 23 පමණ දුරක් විහිදෙන මාර්ගයකි.මාර්ගය වැටී ඇත්තේ තේ වතු මැදින්.සුදු පාලන සමයේ තේ වතුවල නිෂ්පාදන නගරයට ගෙන එන්නටයි මේ මාර්ගය නිර්මාණය කරලා තියෙන්නේ.මහා දුර්ගයක් හරහා සර්පයෙක් ඇදෙන ආකාරයෙන් මේ මාර්ගය නිර්මාණය කරලා තියෙන්නේ.මේ මාර්ගයට යොදලා තියෙන නමින්ම මෙහි ත‍්‍රාසජනක  බව අපේ සිත් තුළට නිරායාසයෙන්ම පිවිසෙනවා. 


  
 ඒ බියසුළු බව තුළ තියෙන සුන්දරත්වයනම් කියා නිම කිරීමට නොහැකියි.දුෂ්කර මාර්ගයක වුනත් පයින්ම ගමන් කරපු අපිට මෙසිරිලක සැබෑ සුන්දරත්වය දැක ගැනීමට හැකි වුණා.ඈත ක්ෂිතජය දක්වා පෙනෙන අයස්කාන්ත දසුනින් අපි මොහොතකට වශීකෘත වුණා.මොහොතින් මොහොත පරිසරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරමින් මීදුමෙන් වැසී යන පරිසරය අපේ විඩාබව දුරු කිරීමට සමත් වුණා.පරිසරයේ දර්ශනීය දසුන් රැුසක් අපේ කැමරා කාච වලට හසුවෙද්දී පා සටහන් විතරක් පරිසරයේ ඉතුරු කරමින් අපි තවත් ඉදිරියට ගමන් කළා.දවල් වෙද්දී බඩගින්නනම් ටිකක් වැඩි වෙන්න ගත්ත හින්දා මඟ නතර වෙලා පාන් එක්ක සීනී සම්බොල වලින් සප්පායම් වෙලා පොඩි විවේකයක් ගත්තා.මේ ගමනේදී සුන්දර දිය දහරා ගලා හැලෙන දිය ඇළි කොමළියන් කිහිපයක්ම අපට දැක ගැනීමට හැකි වුණා.






දිය ඇළි අසලට ගියාම දුහුල් සේලයක් වගේ දිය ඇල්ලේ සිහින් දිය දහරාව පහළට වැටෙන ආකාරය ලංකා ඇල්ලේ වගේම බඹර කන්ද දිය ඇල්ලේ ද දැක ගැනීමට හැකි වුණා.දියෙහි සීතල හා සිරි සිරි හඬ අපේ නෙත් සිත් පින වීමට සමත් වුණා. ලංකා ඇල්ල පසුකර ඉදිරියට යන කොට තේ වගාබිම් වගේම එළවලූ වගා කරන වතුකර දෙමළ ජනයාගේ ලැයිම් ඇතුළත් ජනාවාස කිහිපයක්ද හමු වුණා.


එහි වෙසෙන කුඩා ළමුන් අපි විදේශිකයන්යැයි සිතාගෙනදෝ හෙලෝ හෙලෝ යැයි මහ හඬින් කෑ ගසන්නටත් බිස්කට් ඉල්ලන්නටත් සෙල්ෆි සෙල්ෆි කියමින් ඔවුන් සමඟ ඡුායාරූපයකට ආරාධනා කරන්නට වුණා.ඒ පුංචි පැටව්න්ගේ අහිංසක ඉල්ලීම් ඉටු කරමින් ඔවුන් සමඟ ඡුායාරූප කිහිපයක් ගැනීමට අමතක කළේ නෑ.


හෙමින් හෙමින් අපි කලූපහනට පැමිනෙණ විට හාත්පසින් අඳුර වැටී එමින් තිබුණා.නොසිතූ මොහොතක ඇඳ හැලූණු ධාරානිපාත වර්ෂාව අපේ ගමනට බාධාවක් වුනත් අලූත් අත්දැකීමක් ලබා ගැනීම්ට  හැකි වුණා.වැස්සත් සමඟ කකුලේ එල්ලූණ කූඩැල්ලන් අපේ ගතට පිළිකුළක් ඇති කරා.අපි ආපසු බස් එකේ හපුතලේට ඇවිත් නයිට් මේල් ටේ‍්‍රන් එකෙන්ම ආපසු කොළඹ බලා පිටත් වුණේ යකාගේ පඩිපෙළ ගමනේ සුන්දර මතකයන් රැසක්ම සිතෙහි නිදන් කර ගනිමිනුයි.  



ඉතිං ඒ මතකයන් වලින් මගේ කැමරා කාචයේ සදහන් වුන යකාගේ පඩිපෙළේ සුන්දර ඡායාරූප  එකතුව මේ  Link එකෙන් බලන්න පුලුවන්.


https://www.facebook.com/pg/janithclicks/photos/?tab=album&album_id=1752278874849680

https://www.facebook.com/pg/janithclicks/photos/?tab=album&album_id=1666178103459758


                                                                ජනිත් පීරිිස්
                                                         (JClicks Travel Diaries)
Share
Tweet
Pin
Share
5 comments

About me


About me

Followers

Follow Us

Labels

Travel

recent posts

Blog Archive

  • ▼  2019 (5)
    • ▼  July (3)
      • යාල ජාතික වනෝද්‍යානය..   යාල ජාතික වනෝද්‍ය...
      • ඉදල්ගස්හින්න සංචාරය...                 ...
      • Travel කරන්න කලින්  Backpack එක Ready කරගමු ......
    • ►  June (2)
FOLLOW ME @INSTAGRAM

Created with by BeautyTemplates