මොරගහකන්ද...
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් වන මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මෑත කාලයේ අප විසින් දැක ගැනීමට හැකි වූ විශාලතම ජල ව්‍යාපෘතිය වේ. මෙය 1976 ජනවාරි 8 වන දින ආරම්භ කරන ලද මහවැලි සංවර්ධන වැඩසටහනේ අවසාන අදියර වේ.

මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 132 ක් උසිනි. ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා වැඩි කළ විට බලාගාරය ක්‍රියාත්මක වේ. එය මීටර් 185 ක ඉහළම මට්ටමට ළඟා වූ විට විදුලිය ජනනය වන අතර මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ධාරිතාව ඝන ලීටර් මිලියන 570 කි.
නව කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් ලෙස හෙක්ටයාර් 12,000 ක් පමණ කළුගඟ පහළ නිම්න ප්‍රදේශය හා මැදිරිගිරිය බිසෝපුර ප්‍රදේශය සංවර්ධනය කෙරෙමින් පවතින අතර වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර් 12,500 කට පමණ දියවර සැපයේ එමෙන්ම ව්‍යාපෘතිය හරහා මෙම ප්‍රදේශයන්හි පවතින ලොකු කුඩා වැව් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් පෝෂණය වේ.
ජනිත් පීරිිස්
(JClicks Travel Diaries)




0 comments