Travel කරන්න කලින් Backpack එක Ready කරගමු ...
Trip එකක් එහෙම නැත්තම් Travel කරන්න යන්න කලින් අරන් යන්නේ මොනාද කියල තෝරගන්න එක හැමෝටම වගේ තියන ප්‍රශ්නයක්.ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන. Backpack එක ලෑස්ති කරන්න කලින් Travel කරන දින ගාන සහ Travel කරන ප්‍රදේශය තීරණය කරගෙන ඉන්න ඕනේ. මොකද ඒක අනුව Backpack එකේ අරන් යන දේවල් වෙනස් වෙන හින්දා....
Backpack එක පැක් කරද්දී මතක තියාගන්න ඕනේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා.
Pack light අඩු බරක් පැක් කරගන්න
ඒ කියන්නේ, ඔයා ගෙනියන දේවල් තෝරගන්නකොට බරින් අඩු දේවල් තෝරාගන්න කියන එක.උයන පිහින බඩු වගේම ඇඳුම් පැළඳුම් තෝරගන්නකොට light weight ඒවා තෝරාගන්න සැලකිලිමත් වෙන්න.
වියළි බව ගැන සැළකිලිමත් වෙන්න
පුලුවන්නම් හැම වර්ගයක්ම වෙන වෙනම වතුර නොයන බෑග් වල දාගන්න. හදිස්සියකදී වගේම බෑග් එකේ බඩු එලියට ගන්නකොට, pack කරනකොට ලේසි වෙයි. හිතන්නකෝ, හදිස්සියකට backpack එකේ යටින්ම තියෙන එකක් ගන්න ඕනේ උනා කියලා.ඔයා උඩින්ම තියෙන ඇඳුම් ටික පරිස්සමට එලියට ගන්න ඕනේ. නවලා තියෙන ඒවා දිගඇරෙන්න පුළුවන්. වැටෙන්න පුළුවන්. ආයේම දාන්න කරදරයි. ඒ කරදර වලට විසඳුමක් විදියට මේවා වෙන වෙනම බෑග් වල දාගෙන යන්න. බෑග් එක පිටින් එළියෙන් තිබ්බා. බෑග් එක පිටින් ඇතුලට දැම්මා. ලේසියි.සරලයි.
දැන් බලමු මොනවද අපි backpack එකට දාගන්නේ කියලා.
01. සපත්තු/බූට්ස්මේවා කවුද backpack එකට දාගන්නේ නේද? හයික් එකට කලින් දවසේ backpack එක ලෑස්ති කරනගමන් මේවත් ලෑස්ති කරගන්න ඕනේ. සපත්තු දෙක හොඳට බලන්න. පොඩ්ඩක්වත් කැඩිලා, ගැලවිලා තියෙනවනම් බලලා හදාගන්න. මොකද මගදී අලවපු තැනකින් ගැලවුනොත්, කැඩුනොත් ඔයාට එපා වෙයි හයික් එකත් එක්කම. තව දෙයක් හොඳට මතක තියාගන්න. බැරි වෙලාවත් සපත්තු හරි සෙරෙප්පු හරි කැඩුනොත් ඒවා ආපහු අරන් එන්න කැලේ ඇතුලේ දාන්නේ නැතිව. තව කෙනෙකුට විඳින්න පරිසරය ආරක්ෂා කරන්න.
02. ගමන් විස්තරය, සිතියම.
මේ කියන්නේ, ඔයා යන්නේ අලුත්ම ප්‍රදේශයකට නම්, හොඳට හොයලා බලලා දැනගන්න. පාරවල් කීයක් තියෙනවද, යන්න ඕනේ මොන පාරේද, ලේසි පාර කෝකද, බස් තියෙන්නේ කීයටද, එන්න බස් තියෙනවද, වගේ දේවල්. දැන් ගොඩක් අය google maps පාවිච්චි කරනවනේ. ඉතින් යන්න කලින් පෙර සූදානම කොයිකටත් හොඳයි නිසා, යන්න හදන ප්‍රදේශයේ offline map එකත් download කරලා තියාගන්න.

03. ආහාර
ඔයා යන්නේ මොන විදියේ ගමනක් උනත් වැදගත්ම දේ තමයි ආහාර. ඔයා හිතනවට වඩා කැලරි ප්‍රමාණයක් හයිකින් කරනකොට වැයවෙනවා. ඔයා බර අඩුම daypack එකක් අරගෙන ගියත් සාමාන්‍යයෙන් පැයකට කැලරි 500ක් විතර දහනය වෙනවා කියල තමයි සඳහන් වෙන්නේ. ඉතිං ඒ ශක්තිය නැවත ලබාගන්න ආහාර ඕනෙමයි.
ඔයාට දාඩිය දානකොට ඔයාගේ ඇඟේ තියෙන සෝඩියම් දාඩියත් එක්ක පිටවෙනවා. සෝඩියම් හිඟ උනාම කෙණ්ඩා පෙරලීම් වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඉතිං ඔයා සෝඩියම් ටිකක් වැඩිපුර තියෙන, ඉහල කැලරි ප්‍රමාණයක් තියෙන ස්නැක්ස් ටිකකුත් මේ ආහාර වලට එකතුකරගන්න අමතක කරන්න එපා.
කෑම විදියට ගෙනියන්න මොනවද හොඳ? ඒක ඔයාගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. ඔයා night camping යනවනම් අරන් යන්න noodles packet ටිකක්, පෙති පාන්, pre cooked මීට්බෝල්ස් හෝ සොසේජ් වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් දේවල්. චීස් ටිකක් වගේ ගෙනියන්නත් පුළුවන්. creamcracker එක්ක කන්න.
රටඉඳි ටිකක්, වියලි මිදී ටිකක්, වියලි පළතුරු, ඇට වර්ග, හොඳ චොකලට් බාර් දෙක තුනක් සහ මේදය හෝ තෙල් සහිත ආහාර ටිකක් අරන් යන්නකෝ. ගොඩක් වටී.

04. වතුර
වතුර කියන එක හයික් එකකදී අනිවාර්යය සාධකයක්. ඔයාගේ ඇඟේ වතුර වේගයෙන් අඩුවෙන නිසා ඒක නැවත පුරවාගැනීම කරන්නම ඕනේ. නැති උනොත් විජලනය වගේම සිහිනැතිවීමක් දක්වා දුර යන්නත් පුළුවන්. ඒ නිසා තමන්ට ඇති පමණට වතුර අරන් යන්න වග බලාගන්න. සාමාන්‍යයෙන් කියන්නේ හයික් කරන පැය දෙකකට වතුර ලීටරයක් බොන්න කියලයි.
වතුර සම්බන්ධ වැදගත්ම කරුණු කිහිපයක් තියෙනවා. ඔයා බොන වතුර ටික සෑම විටම සමාන විවේකයන් අතර බොන්න. ඒ කියන්නේ, උදාහරණයක් විදියට, හැම විනාඩි 20කට සැරයක් වතුර ටිකක් වගේ. අනිත් කාරණාව තමයි ඔයාට තිබහක් දැනුනේ නැතත් වතුර බොන එක. ඔයා සීතල ප්‍රදේශයක හයික් එකක් යනවා කියල හිතන්න. ඔයාට වතුර තිබහක් නැති වෙන්න පුලුවන්. ඒත් මතක ඇතිව සාමාන්‍යය විදියටම එක වගේ වෙලාවකට සැරයක් වතුර බොන්න. මොකද ඔයාට නොදැනුවත්වම වතුර ඔයාගේ ඇඟෙන් ඉවත් වෙනවා. දහඩියත් එක්ක ඇඟේ තියෙන සෝඩියම් ඉවත් වෙන නිසා, ලුණු කැට කිහිපයක් වතුර සමඟ මිශ්ර කරන එකත් හුඟක් හොඳයි.

05. වැහි ආවරණ
ඔයා හයික් කරන පැත්තේ කාලගුණය වැහි කාලගුනයක්නම් අනිවාර්යෙන් වැහි කබායක් අරන් යන්න. වැහි කබායක් ගන්නකොට සළකලා බලන්න කබායේ උස, මහලා තියෙන රෙදි වර්ගය, හිස් වැස්මක් තියෙනවද වගේ කරුණු. ඒ වගේම බරින් අඩු එකක් තෝරගන්න. පොකට්ස් තියෙන, අත් වල දිග වෙනස් කළහැකිබව වගේ පහසුකම් දැන් වැහිකබා වල පවතිනවා.

06. ප්‍රථමාධාර
පොඩි ප්‍රථමාධාර පෙට්ටියක් හදාගන්න. ප්ලාස්ටර්, ගෝස්, බැන්ඩේජ්, පුළුන් ටිකක්, පුලුවන්නම් චුටි සේලයින් බෝතලයක්, වේදනා නාශක බෙහෙත් (ඇස්ප්රින් හෝ පැරසිටමෝල් වර්ගයක්) තුවාලයකට දාන බෙටඩින් ටිකක් දාලා තියාගන්න. ඒ වගේම ඔයා ගෑනු ළමයෙක්නම් හදිස්සියකදී අවශ්‍යය සනීපාරක්ෂක දේවල් මේකට එකතු කරගන්න.

07. පිහියක් / බහුකාර්ය උපකරණයක්
කෑම ටික සුද්ද කරගන්න, පොඩි කෝටු ටිකක් කපාගන්න, මේ වගේ හදිස්සි වැඩකට ඔයා ළඟ පිහියක් හරි, swiss army knife වගේ බහුකාර්ය උපකරණයක් අනිවාර්යයෙන් ළඟ තියෙන්න ඕනේ.

08. ගින්දර
ගිනි පෙට්ටියක් හරි ලයිටර් එකක් හරි ගින්දර දල්වගන්න උපකරණයක් අරන් යන්න. මහන්සි වෙලා දර හොයනවා වෙනුවට fuel tablet පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඔයා කොහොම ගින්දර පාවිච්චි කලත් සිහි තබා ගන්න, පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. සමහරවිට විසිවෙන චූටි ගිනි පුපුරකින් විශාල විනාශයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අවදානයෙන් ඉන්න. ගින්න ඇවිලීමෙන් පස්සේ අඩුම තරමේ එක්කෙනෙක්වත් ගිනිගොඩ ළඟ ඉන්න. ඒ වගේම ගිනිගොඩ දැල්වී අවසන් උනාම අඟුරු සියල්ලම නිවා දමන්න.

09. ටෝච් /හෙඩ් ලෑම්ප්
මේක ඕනේ වෙන්නේ කෑම්පින් කරන අයට සහ ගුහා නැරඹීමට යන අයට.. ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක පත්තු කරන්න බලාගෙන යන්න එපා. මොකද ෆෝන් එකෙන් කරගන්න ෆ්ලෑෂ් ලයිට් එකකට වඩා වටිනා වැඩ තියෙනවා.

10. අමතර බැටරි
ටෝච් එකට/ හෙද ලෑම්ප් එකට වගේම විශේෂයෙන් කැමරාවට සහ ෆෝන් එකට අමතර බැටරි සහ power bank එකක් අරන් යන්න.

11. කුණු බෑග් එකක්.
මේක තමයි වැදගත්ම දේ. කරුණාකර හයික් එකක් වේවා camping වේවා, trash bag එකක් අරන් යන්න. ඔයා අහක දාන දිරන්නේ නැති ටොපි කොලේ පවා මේකේ දාගෙන අරන් එන්න. කෑම පැකට්, කෑම වල හිස් ටින්, හිස් වතුර බෝතල්, අනිවාර්යයෙන් අරන් එන්න. ගෙනියන දේවල් වලට වඩා අඩුවෙන් දේවල් තියෙන නිසා බරක් කියල සලකන්න එපා. කලින් ගියපු මෝඩයෝ කුණු දාලා තිබුනොත් ඒවත් අරන් එන්න!

හරි. දැන් ඔක්කොම ලෑස්තියි නේ. දැන් බලමු මේවා අහුරගන්නේ කොහොමද කියලා.
Stacking Order අහුරන පිළිවෙළ
Backback එකේ බඩු අහුරනකොට, පිටිපස්සට, ඒ කියන්නේ ඔයාගේ කොන්ද ආසන්නයට, backpack එකේ ඇතුලට දාන්න ඕනේ බරින් වැඩිම දේවල්. එතකොට බර අඩුම දේවල් දාන්න ඕනේ backpack එකේ එලිය පැත්තට වෙන්න. බර වැඩි එකේ ඉඳන් අඩු එකට, backpack එකේ ඇතුලේ ඉඳන් එලියට. පැහැදිලියි නේද?
A> Pack එකට ඉස්සෙල්ලම දාගන්න ඔයාගේ ටෙන්ට් එක. ඔයා ගෙනියන දේවල් වලින් බර වැඩිම දේ මේ ටෙන්ට් එක වෙන්න පුළුවන්. ඒ නිසා ඒක දාගන්න ඕනේ backpack එකේ පිටිපස්සෙන්. ඒ කියන්නේ, ඔයාගේ පිටට ආසන්නව තිරස් අතට. මෙහෙම දාගන්න එකෙන් ටෙන්ට් එකේ බර සමානව බෙදිලා යනවා.
B> ඊළඟට ඔයාගේ Sleeping Bag එක දාගන්න අඩියටම. මේකෙන් ටෙන්ට් එකේ බර බැලන්ස් වෙනවා. සමහර backpack වල නම් වෙනම compartment එකක් තියෙනවා මේකට. ඔයාගේ backpack එකේ sleeping bag එකට වෙනම compartment එකක් නැත්නම් මේ විදියට pack කරගන්න.
C> උයන පිහින බඩු. මේවා ටිකක් බරින් වැඩි නිසා වගේම, ඕනේ වෙන්නේ හවස් වෙලා ඔයා camp කරන තැනදී නිසා මේවාත් යට කොටසේ තියෙන එක හොඳයි.
D> ආහාර දාගන්න ඊළඟට. විශේෂයෙන්ම ඔයාගේ දවල් කෑම එක. පහසුවෙන් ගන්න පුළුවන් විදියකට. Snacks ටික උඩටත් පිසීමට අවශ්ය දේවල් යටටත් වෙන විදියට.
E> ඊළගට දාගන්න ඇඳුම් ටික. ඔයා Waterproof ඇඳුම් අරන් යන්න මතක තියාගන්න. මේවා බරින් අඩු නිසා උඩින්ම තියෙන එක පහසුයි.
F> Pack එකේ ලීඩ් (lid) එකට (උඩම කොටසට) දාගන්න ඕනේ ඔයාට අත්‍යාවශ්‍යම දේවල්. හදිස්සියකදී ඕනේ වෙන දේවල්. ඔයාගේ ප්‍රථමාධාර පෙට්ටිය, කැමරාව, කැමරා බෑග් එක වගේ දේවල්.
G> ඔයා camp කරන්න යනවනම් ඉන්ධන මොනවහරි අරන් යනවා ඇතිනේ. අන්න ඒ liquid fuel හරි fire tablets ටික හරි
එළියේ pocket එකකට දාගන්න.
H> වතුර බෝතලේ දාගන්න අනිත් පැත්තේ pocket එකට. එතකොට ඉන්ධන වල බරයි, වතුර බෝතලේ බරයි දෙපැත්තට වැටෙන නිසා backpack එකේ බර බැලන්ස් වෙනවා. ඔයාගේ backpack එකේ Hydration Compatible නම් ඒ කියන්නේ වතුර බෝතලේ දාගන්න වෙනම කොටසක් තියෙනවම් ඒ කොටස පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම.
I> හුඟක් backpack වල පහසුකම් දීල තියෙනවා එළියෙන් අමතර දේවල් රඳවාගැනීමට. ඒ කියන්නේ, ඔයාගේ පිහිය, කඹය වගේ දේවල්. හැබැයි පරිස්සමින්. මේවා ගස්වල, අතුවල පැටලෙන්න පුළුවන්.
එහෙනම් දැන් ඔක්කොම හරිනේ. පරිස්සමින් ගිහින් එන්න. කුණු ටිකත් අරන් එන්න අමතක නොකර. පියසටහන් විතරක් එහෙ තියලා ආවම ඇති! සුභ ගමන්!
(JClicks Travel Diaries)

5 comments
❤️❤️❤️❤️
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete